අප ගැන

ඩීපී එඩියුකේෂන් අයි. ටී. කැම්පස් හා එක්වී ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල සමඟ සහයෝගීතාවයෙන් පිරිනමන පාඨමාලා සහ, වෘත්තීය විශේෂඥයන් විසින් සකසනු ලබන තොරතුරු තාක්ෂණ පාඨමාලා හදාරන්න. https://www.dpitcampus.lk

අපගේ පාඨමාලා අතරට මොරටුව විශ්වවිද්‍යාලය හා පිරිනමන Full-stack Development, Cloud Computing, Data Science, Quality Assurance, Cybersecurity, IoT, Data Structures and Algorithms, UI/UX Design, Mobile Application Development, සහ Project Management ඇතුළත් වේ. මීට අමතරව, කැලණිය විශ්වවිද්‍යාලය සමඟ SAP ව්‍යවසාය සම්පත් සැලසුම්කරණ (ERP) පාඨමාලාව සහ රුහුණු විශ්වවිද්‍යාලය සමඟ Data Science, Machine Learning සහ AI පිළිබඳ පාඨමාලා වැනි විශේෂිත වැඩසටහන් අප විසින් පිරිනමන්නෙමු.

මේ වන විට ඩීපී එඩියුකේෂන් අයි. ටී. කැම්පස් මධ්‍යස්ථාන 100 කට අධික ප්‍රමාණයක් සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් ඉදි කර ඇත. මේ මගින් ගුණාත්මක අධ්‍යාපනයක් රටපුරා සිටින සියලු සිසුන්ට ලබා දෙයි. අපගේ අයි. ටී. කැම්පස් මධ්‍යස්ථාන පිළිබඳ විස්තර සඳහා,
https://www.dpitcampus.lk/si/it-campus-network වෙත පිවිසෙන්න.

මෙම දූරදර්ශී මුලපිරීම ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතාගේ නිර්මාණයකි. පෙරේරා මහතාගේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ සංවර්ධනයට සහ තිරසාරභාවයට සක්‍රීයව දායක වීමට හැකි වන පරිදි සිසුන් සවිබල ගන්වමින්, 2028 වන විට ශ්‍රී ලාංකේය තරුණ කේතකරුවන් දස ලක්ෂයක් බිහි කිරීමයි.

ඩිජිටල් යුගය සඳහා අවශ්‍ය කුසලතා සහ දැනුමෙන් තරුණ තරුණියන් සන්නද්ධ කිරීමේ පරිවර්තනීය ගමනට අප හා එක්වන්න.